නේපාලයේ කොවිඩ් -19 ආසාදන අහස උසට නැඟෙමින්, රෝහල් ධාරිතාව ඉක්මවා යමින් සහ රටේ අගමැතිවරයා ලෝකයෙන් උදව් ඉල්ලා සිටිමින් කියා පාන්නේ, නේපාලයේ තත්ත්වය ඉන්දියාවට නොදෙවෙනි බව යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නේපාලය මේ වනවිට පුද්ගලයන් 100,000කට දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 20ක් පමණ වාර්තා කරන අතර, මෙය සති දෙකකට පෙර ඉන්දියාව වාර්තා කළ සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවක් බව කියයි.
පසුගිය සති අන්තයේ දී නේපාලයේ කොවිඩ්-19 පරීක්ෂණවලින් 44% ක්ම ධනාත්මක තත්ත්වයට පත්වී ඇත.
"මේ වනවිට නේපාලයේ ජීවිත රැසක බිලිගනිමින් සිටින මේ නවතම කොරෝනා රැල්ල මැඬපැවැත්වීමට නොහැකි වුවහොත්, දැන් ඉන්දියාවේ සිදුවෙමින් පවතින්නේ නේපාලයේ ඉදිරියේ ඇතිවීමට යන ඛේදවාචකයක් පිළිබඳ බිහිසුණු පෙරදසුනක්" යැයි නේපාලයේ රතු කුරුස සභාපති ආචාර්ය නේත්‍රා ප්‍රසාද් තිම්සිනා පවසා සිටියේය.
මාස මසකට පෙර මිලියන 31ක ජනතාවක් සිටින මෙම හිමාලයානු ජාතිය දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 100ක් පමණ වාර්තා කරමින් සිටියද, මේ වනවිට එය 8,600කට වඩා වැඩිය.
ඉන්දියාව සමග පවතින දීර්ඝ දේශසීමාව ඉන්දියාවේ වේගයෙන් පැතිරෙන දෙවැනි රැල්ල නේපාලයට පැතිරීම කෙරෙහි බොහෝ බලපෑම් කළ බව කියැවෙයි.
අපේ‍්‍රල් මාසය ඉදිරියට යත්ම නේපාල ජාතිකයන් ඉන්දියාවේ දේශ සීමාව හරහා ආගමික උත්සව සඳහා එක්රැස් වූ අතර එහිදී නේපාල බැතිමතුන් හින්දු භක්තිකයන් සමග එක් විය. ඒ අනුව අප්‍රේල් මස මුලදී නේපාලයේ අර්බුදය ගොඩනැගීමට පටන් ගත් අතර, එරට අග්‍රාමාත්‍ය ඕලි පවසා සිටියේ දෛනිකව කුළුබඩු ආහාරයට ගැනීම නිසා හොඳ ප්‍රතිශක්තියක් තම ජනතාවට ඇති බවය. නමුත් එසේ කියූ නේපාල අගමැතිවරයාම දැන් ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලමින් සිටියි.