නේපාලයේ අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලිගේ ලේකම් කාර්යාලයේ, ඔහු සමීපයෙන්ම කටයුතු කරන මාණ්ඩලික සාමාජිකයන් තිදෙනෙකු කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් වෛරසය සඳහා පරීක්ෂාවට ලක්කළ අග්‍රාමාත්‍යවරයා සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වා ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය උපදේශක සූරිය තාපා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ තමා දෙවැනි වරටත් වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කළ බවයි.
ඔලිගේ ප්‍රධාන පුද්ගලික ලේකම් ඉන්ද්‍රා ප්‍රසාද් භන්දාරි සහ නියෝජ්‍ය ලේකම් රූපේෂ් ආචාර්යා යන දෙදෙනා වෛරසය ආසාදනය වූ අනෙක් දෙදෙනා බව වාර්තා වේ.