ලොව නොනවත්වා ගමනේ යෙදෙන දීර්ඝතම ගුවන් ගමන යළි ආරම්භ කිරීමට සිංගප්පූරු ගුවන් සේවය කටයුතු කර තිබේ.
ඒ සිංගප්පූරුව සහ නිව්යෝක් නගරය අතර නව ගුවන් ගමන් වාරයක් ආරම්භ කරමිනි. කෙසේ වෙතත්, මීට වසර 5කට පෙර එම ගුවන් ගමන නවතා දැමුණේ ඒ සඳහා දැරීමට සිදුවන අධික වියදම නිසාය.
සිංගප්පූරු ගුවන් සේවය පවසන පරිදි මෙම ගුවන් ගමන සඳහා කිලෝමීටර් 15,000කට වඩා දුරක් ගමන් කිරීමට සිදුවනු ඇති අතර, ඒ සඳහා පැය 19ක පමණ කාලයක් ගත වෙයි.
මෙතෙක් දීර්ඝතම ගුවන් ගමන ලෙස කටාර් ගුවන් සේවය ඔක්ලන්ඩ් සිට දේහා දක්වා පැය 17.5ක ගුවන් ගමනක් සිදුකරන අතර, ක්වන්ටස් ගුවන් සේවය පර්ත් සිට ලන්ඩන් දක්වා පැය 17ක ගුවන් ගමනක් සිදු කරයි.
සිංගප්පූරු ගුවන් සේවය පවසා තිබුණේ පාරිභෝගිකයන්ගෙන් ලැබුණු ඉල්ලුම හේතුවෙන් මෙම දීර්ඝ ගුවන් ගමන යළි ආරම්භ කළ බවයි.
ඒ සඳහා ඔවුන් අලුතින්ම මිලදී ගත් එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් භාවිත කරන අතර, එහි ආසන 161කින් ආසන 67ක් ව්‍යාපාරික පන්තිය වෙනුවෙන්ද, ආසන 94ක් අධිමිල පන්තිය වෙනුවෙන්ද වෙන්කර තිබුණත්, මෙහි සාමාන්‍ය අඩුමිල පන්තියේ ආසන වෙන්කිරීමක් නොමැත.