ඊසානදිග නයිජීරියාවේ සැකකටයුතු ඉස්ලාම්වාදී ජිහාඩ් සටන්කරුවන් පිරිසක් මෝටර් රථ තුළ නිදාසිටි රියදුරන් පිරිසක් ඝාතනය කර ඔවුන්ගේ කාන්තාවන් හා දරුවන් පැහරගෙන ගොස් තිබේ.
මෙසේ ආකාරයෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ ඔවුන් අතින් ඝාතනයට ලක්ව ඇති අතර, මෙසේ ඝාතනයට ලක්වූ පිරිස සිය සංචාරයක් අතරතුර විඩා නිවා ගැනීමට රාත්රී නැවතුම් පොළක නතර වූ පිරිසක් බව කියැවෙයි.
මෙම ම්ලේච්ඡ ප්රහාරය බෝර්නෝ ප්රාන්තයේ ප්රධාන අධිවේගී මාර්ගයක් වැටී ඇති අවුනෝ නගරයේ සිදුවිය.
සටන්කාමී ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමක් වන බොකෝ හරාම් සහ එහි අනු කණ්ඩායම් 2009 සිට නයිජීරියාව තුළ මිලේච්ඡ ප්රහාරය එල්ල කරමින් සිටියි.
ඔවුන්ගේ කෘරත්වයට ලක්ව මේ වනවිට 35,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මිලියන දෙකකට වැඩි පිරිසකට නිවාස අහිමි වී, තවත් සිය ගණනක් පැහර ගෙන ගොස් තිබේ.
නයිජීරියාවේ රජය සටන්කාමීන් පරාජය කර ඇති බව පුන පුනා පවසා ඇතත් ඔවුන්ට තවමත් මෙම ත්රස්තවාදය ජයග්රහණය කිරීමට නොහැකි වී ඇත.