දුම්රියක ගැටීමෙන් නෙදර්ලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් භාරයේ සිටි දරුවන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම දරුවන් විදුලියෙන් ක්‍රියාකරන කරත්තයක නංවාගෙන පාසල් වෙත රැගෙන යමින් සිට ඇති අතර, දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුර සිදුව ඇත.
නෙදර්ලන්තයේ, ඕස් නගරයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මියගිය දරුවන් අතරින් දෙදෙනෙකු සහෝදරියන් බවද කියැවෙයි.
මෙම විදුලි කරත්තය ධාවනය කළ දරුවන් රැකබලා ගන්නා කාන්තාව සහ එහි ගමන් කළ තවත් දරුවෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදුවීමට පෙර කරත්තයේ සිටි එක් දරුවෙකු එක් පාසලක් වෙත බස්සවා ඇති අතර, මේ හේතුවෙන් එම දරුවා අනතුරට මුහුණ නොදීමට තරම් වාසනාවන්ත වී තිබේ.
මියගිය දරුවන් අතරින් දෙදෙනෙකු වයස අවුරුදු 4 පසුවන අතර, අනෙක් දෙදෙනා වයස අවුරුදු 6 සහ 8 යන වයස් කාණ්ඩවල පසුවෙති.
දුම්රිය ගේට්ටු පද්ධතිය නොතකා මෙම විදුලි කරත්තය ධාවනය කළේදැයි යන සැකය පැන නැගුණත්, සිද්ධිය ඇසින් දුටුවන් පවසා ඇත්තේ විදුලි කරත්තයේ තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවට මෙම කාන්තාව අවසන් මොහොතේ කෑ ගසා ඇති බවයි.