නීතිවිරෝධී ඩ්‍රෝන යානයක් හේතුවෙන් සිංගප්පූරුවේ චැංගී ගුවන් තොටුපොළෙහි සතියක් තුළ දෙවැනි වතාවටත් යම් නොසන්සුන්තාවක් ඇතිව තිබේ.
එරට සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසා සිටියේ මෙම ඩ්‍රෝන යානා බාධා කිරීම් නිසා ගුවන් යානා 18ක් පමණ පමා වූ බවයි. එමෙන්ම, තවත් ගුවන් යානා 7ක් වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යැවූ බවද ඔවුන් සඳහන් කරයි.
මේ අතර, පසුගිය සතියේදීද මෙවැනිම ඩ්‍රෝන යානා අතපෙවීමක් නිසා එක් ගුවන් පථයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමටත්, ගුවන් ගමන් ප්‍රමාද කිරීමටත් ගුවන් තොටුපොළ බලධාරීන්ට සිදුවිය.
ඩ්‍රෝන යානා ඉතා බහුලව භාවිත කිරීම ආරම්භ කිරීමත් සමග මේ වනවිට ලොව ගුවන් තොටුපොළ රැසක් විවිධ බාධාවන්ට මුහුණ දෙමින් සිටියි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව පවසන සිවිල් ගුවන් සේවා ඒජන්සිය පවසන්නේ වැරදිකරුවන් ඇ.ඩො.20,000ක දඩ මුදලකට හෝ වසරක සිර දඬුවමකට යටත් වන බවයි.