මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් රජයේ චෝදනාවට ලක්වීමෙන් පසුව නිකරගුවාවේ විපක්ෂ නායිකා ක්රිස්ටියානා චමෝරෝව නිවාස අඩස්සියේ තබා ඇති බව ඇගේ සහෝදරයා පවසා තිබේ.
පොලිසිය මීට පෙර මනගුවා අගනුවර පිහිටි චමෝරෝගේ නිවස වටලා බලහත්කාරයෙන් ආරක්ෂක ස්ථානයක් පිහිටුවා තිබුණි.
ඇගේ සහෝදරයා වන කාලෝස් ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කර ඇත්තේ පොලිසිය ඇයව නිවාස අඩස්සියේ තබා ඇගේ නිවසේ නැවතී සිටින බවයි.