මෙක්සිකෝ දේශසීමාවේ යොදවා ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගිනි අවි රහිතව රැඳී සිටින බවත්, ඔවුන්ට සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට බලයක් නොමැති බවත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසයි.
"ඔවුන්ගේ අතේ ආයුද නෑ. කිසිම ආකාරයක ආයුද සන්නද්ධ මෙහෙයුමක් සිදුවන්නේ නෑ." වාර්තාකරුවන් අමතමින් මැටින් සඳහන් කර තිබේ.
යම් ආකාරයකින් සංක්‍රමණිකයන් කලහකාරී ලෙස හැසිරීම නිසා දේශසීමා ආරක්ෂකයන්ට සිදුවිය හැකි අනතුරු වැළැක්වීමේ අරමුණින් මේ ආකාරයේ ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීමක් සිදුකළ බවද හෙතෙම සඳහන් කරයි.
මේ වනවිටත්, මෙක්සිකෝවේ දේශසීමා නගරයක් වන ටිජුආනා වෙත 3,000ක පමණ මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමණිකයන් පිරිසක් පැමිණ රැඳී සිටින බව කියයි.
හොන්ඩුරාස්, ගෝතමාලා සහ එල් සැල්වදෝර් යන නගරවල සිට පැමිණෙන ඔවුන් කියා සිටින්නේ තම රටවල ආරක්ෂාවක් නොමැති බවක් ඔවුන් දැනෙන බවයි.
එමෙන්ම, එම රටවල පවතින දැඩි දුගීබව සහ ප්රචණ්ඩත්වය ඔවුන් මෙසේ රට හැර ඒමට හේතු වූ බවද ඔවුන් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මෙම සංක්‍රමණික ගැල මහා සංක්‍රමණික ආක්‍රමණයක් ලෙස මීට පෙර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වනු ලැබීය.