දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් ස්වීඩන් ජාතික ළමා ක්‍රියාකාරිනියක වූ ග්‍රේටා තුන්බර්ග් එක්සත් ජාතීන්ගේ ලෝක නායකයන් සමග ඉතා සිත්ගන්නාසුලු කතාබහක් සිදුකර තිබේ.
“ඔබ මගේ සිහින හා මගේ ළමා කාලය ඔබේ හිස් වචනවලින් සොරකම් කරලා” නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව වෙත පවසා සිටියාය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් සංවිධානය කරන ලද එක්දින රැස්වීමට ලෝක නායකයින් 60ක් පමණ සහභාගී වී තිබේ.
රටවල් මීට පෙර පවසා තිබුණේ, මෙම සමුළුවේදී කතා කළ හැක්කේ කාබන් විමෝචනය අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් ඉදිරිපත් කළ නායකයන්ට පමණක් බවය.
දේශගුණික විපර්යාස පිළිබඳ සැකයෙන් කතාකරන්නෙකු වන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සමුළුවට අපේක්ෂා නොකළ නමුත් ඔහු ප්‍රේක්ෂකයන් අතර සිට සමුළුවට සහභාගී වී තිබුණි.