දේව අපහාස චෝදනාවක් යටතේ සිර දඬුවම් විඳින ඉන්දුනීසියාවේ, ජකාර්තා අගනුවර හිටපු ආණ්ඩුකාර බසුකි ජහාජා පූර්නමා හෙවත් අහොක් සිය දඬුවම අවසන් වීමට පෙර නිදහස ලබා තිබේ.
කිතුණුවෙකු වූ අහොක් වසර 50ක ඉතිහාසය තුළ ජකාර්තාවේ අන්‍ය ලබ්ධිකයෙකු ලෙස ආණ්ඩුකාර ධුරයට පත්ව සිටි පළමු වැනි තැනැත්තාය.
කෙසේ වෙතත්, 2017 වසරේදී දේව අපහාස චෝදනාවක් යටතේ ඔහුට සිර දඬුවම් නියම කිරීමට මුස්ලිම් බහුතරයක් ජීවත් වන ඉන්දුනීසියාව තීරණය කළේය.
ඔහුට එරෙහිව ලබාදුන් මෙම තීන්දුව එරට දේශපාලන ක්ෂේත්රයේ විවිධ අදහස් මතු කළ අතර, ඊට සහාය පළ කිරීම් මෙන්ම විරෝධයන්ද එක්විය.
වසර දෙකක කාලයකට පැනවුණු සිර දඬුවම මාස 20කින් අවසන් කර තිබුණේ ඔහුගේ හොඳ හැසිරීම සලකා බැලීමෙන් පසුව බව සඳහන් විය.
ඔහුගේ ආධාරකරුවන් ඔහු රඳවා සිටි සිරකඳවුර අසලට පැමිණ ඔහුගේ නිදහස්වීම ප්‍රීතිඝෝෂා නගමින් සමරනු ලැබිණි.