නවදිල්ලියේ අගනුවරද ඇතුළුව ඉන්දියාවේ යූනියන් කලාපයෙන් වාර්තා වන දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පවසයි.
දින 15කට පමණ පෙර දිල්ලියේ කොරෝනා වෛරසය ආසාදිතයන් ගංවතුරක් ආකාරයෙන් ඉහළ ගිය අතර, ධනාත්මක අනුපාතය 35%ක් දක්වා වැඩිවූ බව සිසෝඩියා සඳහන් කළේය.
"එය දැන් අඩු වී තිබෙනවා. අද වන විට ධනාත්මක අනුපාතය 14%ක් වන අතර, කොවිඩ්-19 ආසාදිතයන් දෛනික සංඛ්‍යාව 10,400ක් දක්වා අඩු වී තිබෙනවා" යැයි සිසෝඩියා පැවසීය.
එමෙන්ම දිල්ලියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දෛනික සංඛ්යාලේඛනවලද මැයි 7දා සිට දෛනික ආසාදිතයන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව මැයි 7දා දිල්ලියේ නව ආසාදිතයන් 19,832ක් වාර්තා වූ අතර එතැන් සිට සෑම දිනකම එම සංඛ්‍යාව අඩු වී, මැයි 13 වැනි දින දිල්ලියේ නව ආසාදිතයන් 10,400ක් වාර්තා විය.
මේ ආකාරයෙන් ආසාදිතයන් අඩු වී ඇති හෙයින් දිල්ලියේ ඔක්සිජන් සඳහා ඇති ඉල්ලුමද අඩුවී ඇති බව සිසෝඩියා පැවසීය.