ඉන්දියාවේ දිල්ලි අගනුවර මැතිවරණයෙන් නිකුත් කිරීමට නියමිත ප්‍රතිඵලවලින් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට පරාජයක් අත්වන ආකාරයක් පෙනෙන්නට ඇති බව මැතිවරණ පූර්ව ප්‍රතිඵල නිරීක්ෂණයන් පෙන්වා දෙයි.
ඒ අනුව දැනටමත් දිල්ලිය පාලනය කරන ආම් අදාමි පක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් හිමිවනු ඇති බවද පුරෝකථනය කෙරෙයි.
අධ්‍යාපනය හා සංවර්ධනය කෙරෙහි දක්වන අවධානයට සාපේක්ෂව තරුණ දේශපාලන කණ්ඩායම් වෙත මෙවර වැඩි අවධානයක් යොමුව ඇත.
ඒ අනුව ආම් අදාමි පක්ෂයේ ජයග්‍රහණය ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ දරුණු පසුබෑමක් ලෙස පෙනෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. විශේෂයෙන්ම මෙවර එම පක්ෂය ෆෙඩරල් ස්වදේශ කටයුතු අමාත්‍යරවයාගේ නායකත්වයෙන් සුවිශේෂී ඡන්ද ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගිය පසුබිමක මෙම පසුබෑමට ලක්ව තිබේ.
ඡන්ද විමසීම පෙබරවාරි 8 වන දින සිදු වූ අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 61%ක් පමණ විය. දිල්ලිය සඳහා වන සටන බොහෝ දුරට සංකේතාත්මක වෙයි. අනෙකුත් ප්‍රාන්ත මෙන් නොව එහි පළාත් පාලන ආයතනයට පූර්ණ පරිපාලන බලතල නොමැත.