ඔස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් ධුරයේ සිටි අගමැතිවරයෙකු මෙන්ම, වෘත්තීය සංගම් නායකයෙකු වූ බොබ් හෝක් අවුරුදු 89ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ.
වර්ෂ 1983 සිට 1991 දක්වා ඔස්ට්‍රේලියාවේ අගමැති ධුරය හෙබවූ හෝක්, මැතිවරණ තුනක් ජයග්‍රහණය කරමින් එරට තෙවැනි දීර්ඝතම අගමැති ධුරය දැරූ දේශපාලඥයා බවට පත්විය.
ඔහුගේ බිරිඳ බ්ලැන්ෂේ ඩි'ඇල්පුගෙට් නිවේදනයක් නිකුත් කරමින් සිය සැමියාගේ අභාවය පිළිබඳ දැනුම්දෙන අතර, ඔහු ශ්‍රේෂ්ඨ ඔස්ට්‍රේලියානුවෙකු බව ඇය කියයි.
ඔස්ට්‍රේලියානු ආර්ථිකය නූතනයට ගැලපෙන ලෙස වර්ධනය කරා ගෙන යෑමට මඟ හෙළි පෙහෙළි කළ ඔහු, රටේ ආර්ථික වර්ධනයට උරදෙමින් රැකියා උත්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළ බවද ඇය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.