ඉන්දුනීසියානු ජාතිකයන් ධීවර කටයුතු සඳහා යොදාගන්නා යාන්ත්‍රික බලයක් නොමැති උගුලක් ආකාරයේ පහුරක් දැඩි සුළං පහරකට හසුව ගැඹුරු මුහුදට ගසාගෙන යෑම නිසා වයස අවුරුදු 19ක තරුණයෙකු දින 49ක් දිවි බේරාගෙන එහි ගත කර තිබේ.
වයස අවුරුදු 19ක වන මෙම තරුණයා ඉන්දුනීසියානු දූපතක් වන සුලවාසි දූපතේ ජීවත් වූවෙකු වන අතර, ඔහු අවසන් වරට රැඳී සිටි ගුආම් වෙරළ ඔබ්බෙහි සිට කිලෝමීටර් දහස් ගණනක් දුර ඔහුගේ පහුර ගසාගෙන ගොස් ඇත.
මෙම කාලය තුළ මුහුදු ජලය පානය කරමින්, අල්ලා ගන්නා මාළු ආහාරයට ගනිමින් ඔහු සිය දිවි ආරක්ෂා කරගැනීමට සමත්වී තිබේ.
කෙසේ වෙතත්, මේ අසාමාන්‍ය පහුරේ ගසාගෙන යන තරුණයා දුටු පැනමාවට අයත් යාත්‍රාවක් ඔහු බේරාගන්නා විටත් මෙම තරුණයා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසුවී ඇති බව සඳහන් වෙයි.
මෙම ධීවර උගුල හෙවත් පහුර කුඩා ලී කූඩාරමක් ලෙස දැකිය හැකි අතර, එය වටා ආලෝක පහන් දැල්වූ විට මත්ස්‍යයන් ඒ වෙත ආකර්ෂණය වීමෙන් පසුව මත්ස්‍යයන් අල්ලා ගැනීම සිදුවෙයි.
එහිදී, වෙරළට ඔබ්බෙන් සාගරයේ නැංගුරම් ලා රැඳවා ඇති මෙම ධීවර උගුලේ රැඳී සිටින ධීවරයාට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ජලය සහ පහන් දැල්වීමට අවශ්‍ය ඉන්ධන ලබාදී ඔහු රැස්කළ මත්ස්‍යයන් රැගෙන යාමට එය අයිති ප්‍රධාන ධීවර යාත්‍රාව පැමිණෙයි.