ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් ගෙවීගිය දිනයේ 281,386ක් වාර්තා වූ අතර, දින 25කට පසුව පළමු වරට මෙසේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3ට වඩා අඩුවී තිබේ.
කෙසේ වෙතත්, ළඟා වන ටෝක්ටේ සුළි කුණාටුව සහ අධික වර්ෂාපතනය රටේ දකුණු හා බටහිර ප්‍රදේශවල සිදුකෙරෙන කොවිඩ්-19 පරීක්ෂණ සංඛ්‍යාවට බලපා ඇත්තේ කෙසේද යන්න පැහැදිලි නැත.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, සඳුදා වනවිට රටේ තහවුරු කරන ලද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24,965,463ක් වේ. එමෙන්ම ගෙවීගිය දිනයේ මරණ 4,106ක්ද රට තුළ වාර්තා විය.
අපේ‍්‍රල් 28දා සිට සෑම දිනකම වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ මට්ටමක පවතින අතර, මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 274,390කි.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා සිට සුළු වශයෙන් ඉන්දියාවේ ආසාදිතයන් අඩුවී ඇති අතර සෙනසුරාදා ආසාදිතයන් 326,098ක්ද, ඉරිදා 311,170ක්ද වාර්තා වී තිබේ.
මේ දක්වා ඉන්දියාවේ එන්නත් මිලියන 182.9ක් ලබා දී ඇති අතර, ඉරිදා දිනයේදී පුද්ගලයින් 691,211ක් මාත්‍රා ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.