දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ලී මයුන්ග්-බක් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනා මත ඔහුට වසර 15කට සිර දඬුවමකට යටත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා අතර, අල්ලස් ලබා ගැනීම්, මූල්‍ය වංචා සහ බලය අයුතු ලෙස භාවිත කිරීම ආදිය පවතී.
එරට අගනුවර වන සෝල් නගරයේ අධිකරණයකින් මෙම දඬුවම ලබාදී ඇති අතර, එම දඬුවමට අමතරව හිටපු ජනාධිපතිවරයාට ඇ.ඩො.මිලියන 11.5ක දඩ මුදලක් ගෙවීමටද නියම කර තිබේ.
කෙසේ වෙතත්, මෙය තමාට එරෙහිව සිදුකළ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති ලී මයුන්ග්-බක් අවධාරණය කරයි.
දකුණු කොරියාව තුළ විවිධ චෝදනා මත සිරගත කෙරුණු සිව්වැනි හිටපු නායකයා මොහු වන අතර, ලී මයුන්ග්-බක්ට පෙර සිටි රාජ්‍ය නායිකාවටද පසුගිය අප්‍රේල් මස සිර දඬුවම් නියම විය. බලය අවභාවිත කිරීම සහ අයුතු බලපෑම් එල්ල කිරීම යන චෝදනා ඔප්පු වීමත් සමග පාක් ග්වෙන්-හයි වෙත වසර 33ක සිර දඬුවමකට යටත් වීමට සිදු වුණි.
කෙසේ වෙතත්, අයහපත් සෞඛ්‍ය තත්වයක් ගැන සඳහන් කරමින් දඬුවම් නියම කරන අවස්ථාවේ ලී මයුන්ග්-බක් අධිකරණයේ පෙනී සිටියේ නැත.
කෙසේ වෙතත්, සිදුකර ඇති අපරාධවල බරපතළ බවහේතුවෙන් චූදිතයාට (හිටපු ජනාධිපතිවරයාට) අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් ලබාදිය යුතු බව සෝල් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා අවධාරණය කර තිබේ.
එම අධිකරණයට ඉදිරිපත් වූ කරුණු අනුව, සැම්සුන් ආයතන ප්‍රධානියාට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදහස් කිරීම සඳහා ලී මයුන්ග්-බක් ජනාධිපතිවරයා විසින් ඇ.ඩො.බිලියන ගණනක මුදලක් අයුතු ලෙස ලබාගෙන ඇත. කෙසේ වෙතත්, සැම්සුන් ආයතනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.