දකුණු කොරියාවේ, මහල් නිවාස දෙකක සැලකිය යුතු පිරිසක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව හඳුනාගැනීමත් සමග මහල් නිවාස සංකීර්ණ වසා දමා තිබේ.
තේගු නගරයේ මෙම ගොඩනැගිලි පිහිටා ඇති අතර, දකුණු කොරියාව තුළ නව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස මෙය සැලකෙයි.
යොන්හාප් පුවත් ඒජන්සිය පවසා සිටියේ මෙම නිවාස සංකීර්ණ දෙක හා එහි සිටින සියලු දෙනා නිරෝධායනයට ලක්කර ඇති බවයි.
මේ වනවිට දකුණු කොරියාව තුළ ආසාදිතයන් සංඛ්‍යාව 7,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඉන් වැඩි පිරිස තේගු නගරයෙන් වාර්තා වෙයි.
සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ රට පුරා රෝගීන් 47 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 36 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.