දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක වන ගබ්සා නීතිය ව්‍යවස්ථා විරෝධී යැයි පවසමින් එරට අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
එරට ව්‍යවස්ථාපිත අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වර්ෂ 2020 අවසන් වීමට පෙර මෙම නීතිය සංශෝධනය කරන ලෙස පවසා ඇත.
1953 දී සම්මත කරන ලද ගබ්සා නීතියට අනුව කිසියම් කාන්තාවක් ගබ්සාවක් කළොත් ඇය දඩයකට සහ දඬුවමකට යටත් වෙයි. එහිදී, ලිංගික අපයෝජනයක්, සෞඛ්‍ය තර්ජනයක් යන තත්ත්වයන් හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම ගබ්සාව නීතියෙන් තහනම් විය.
එමෙන්ම, ගබ්සාවන් සිදුකරන වෛද්‍යවරුන්ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට අවශ්‍ය නෛතික බලය එම පනතින් ලබාදී තිබුණි. කෙසේ වෙතත්, මේ වනවිට දකුණු කොරියාවට එල්ල වී ඇති බටහිර බලපෑම් හමුවේ එරට සමාජය තුළද ගබ්සාව නීතිගත කළ යුතු බවට මතයක් ගොඩනැගී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වයි.