චීනයෙන් පිටත වැඩිම කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින දකුණු කොරියාව ඊයේ (29දා) එරට හමුදාව බලමුලු ගැන්වීය.
රට තුළ නව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රය ලෙස සැලකෙන ගිනිකොනදිග ඩේගු නගරයේ විශාල කොටස් සොල්දාදුවන් විසින් විෂබීජහරණය කර තිබේ.
දකුණු කොරියාව සෙනසුරාදා කොවිඩ් -19 රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් වාර්තා කළ අතර, එම අගය ඊයේ දිනය වනවිට 3,526ක් ලෙස වාර්තා විය.
මෙම කොවිඩ්-19 ආසාදනය වීමෙන් මේ දක්වා දකුණු කොරියාව තුළ පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් තිබේ.