දකුණු කොරියාවේ නව කොරෝනා (කොවිඩ්-19) වසංගතය තවදුරටත් දරුණු මට්ටමකට පත් කරමින් අද (24දා) උදෑසන විට දිනක් තුළ ආසාදිතයන් 161ක් වාර්තා කර තිබේ.
ඒ අනුව එරට තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 763ක් දක්වා වැඩිවී ඇති බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
මෙසේ නව ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ දැනට දැඩි නිරෝධායන ක්‍රියාවලියකට ලක්කර ඇති තේගු නගරයෙනි. මෙම නගරය තුළ ශ්‍රී ලාංකිකයන්ද විශාල වශයෙන් ජීවත් වෙති.
එමෙන්ම නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාව තුළ මරණ සංඛ්‍යාව ඊයේ දිනය වනවිට තවත් දෙදෙනකු වාර්තා වෙමින්, සමස්ත මරණ 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.