දකුණු කොරියාවට බැටදුන් ලිනිග්ලින්ග් සුළි කුණාටුව අති ප්‍රබල චණ්ඩ මාරුතයක් ලෙස මේ වනවිට උතුරු කොරියාව වෙත ඇදී යන බව විදෙස් වාර්තා පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සුළි කුණාටුවට මුහුණදීම සඳහා හදිසි රැස්වීමක් කැඳවා ඇති බවද වාර්තා වෙයි.
මෙම සුළි කුණාටුවෙන් උතුරු කොරියාවේ වගාවන්ට දැඩි හානි සිදුවනු ඇති බව විශ්වාස කෙරෙන අතර, දැනටමත් සම්බාධකවලට මැදිව සිටින උතුරු කොරියාව තුළ ආහාර අර්බුදයක් ඇතිවීමට එය හේතු විය හැකිය.
එරට රජයේ මාධ්‍ය පවසා සිටියේ සුළි කුණාටුවට මුහුණදීම සඳහා කල්තියා සූදානම් නොවීම ගැන කිම් සිය නිලධාරීන්ට බැණ වැදී ඇති බවයි.
ඒ අනුව, උතුරු කොරියානු රජය මෙම සුළි කුණාටුව හමුවේ මූලිකව වගාවන්, වේලි සහ වැව් ආරක්ෂා කිරීමට මූලිකත්වය දෙමින් මෙහිදී කටයුතු කරනු ඇති බවද උතුරු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.