දකුණු කොරියාව තුළ දිනක් තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් දෙගුණයකින් වැඩිවීමත් සමග එරට තුළ කොවාඩ්-19 වෛරසය පිටුදැකීමේ මෙහෙයුම් දැඩි කර තිබේ.
පසුගිය සිකුරාදා 229ක් ලෙස වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්, ඊයේ (22දා) වනවිට 433ක් දක්වා ඉහළ ගොස් තිබූ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
දකුණු කොරියානු රූපවාහිනිය හරහා ජාතිය ඇමතූ අගමැති චුන්ග් සයි පවසා සිටියේ මෙය අතිශය භයානක තත්ත්වයක් බවයි.
ගිනිකොණදිග තේගු නගරය ආශ්‍රිතව වැඩිම ආසාදිතයන් පිරිස වාර්තා වන අතර, එහි ආගමික කණ්ඩායම් සහ රෝහල් ආශ්‍රිතව වෛරසයේ පැතිරීම දරුණු වී ඇති බව සඳහන් වෙයි.
මේ දක්වා දකුණු කොරියාව තුළ කොවිඩ්-19 ආසාදනය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙසේ ආසාදිතයන් වේගයෙන් වැඩිවීම තුළ මරණ සංඛ්‍යාවද වැඩිවිය හැකි බවට බලධාරීන් සැක පහළ කරයි.
ඒ අනුව තේගු නගරය සහ ඒ ආසන්න චියොන්ග්ඩෝ නගර විශේෂ ප්‍රතිකාර කලාප ලෙස නම් කර ඇති අතර, තේගු නගරයේ මංමාවත් පාලුවට ගොස් ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.