උතුරු කොරියානු සහ දකුණු කොරියානු නායකයන් ප්‍රථම වරට උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් අගනුවරදී හමුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
දෙරට අතර සිදුවන න්‍යෂ්ටිකහරණය සම්බන්ධ සාකච්ඡා තවදුරටත් පැවැත්වීම සඳහා මෙසේ දෙරටේ නායකයන් එකිනෙකා මුණගැසී තිබේ.
උතුරු කොරියාව සිය සුපුරුදු න්‍යාය පත්‍රය වෙනස් කරමින් දකුණු කොරියාව සහ ඇමෙරිකාව සමගද සාකච්ඡා පැවැත්වීමේ සම්ප්රදාය තවදුරටත් ඉදිරියට ගිය අවස්ථාවක් ලෙස මෙය විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන ලදී.
මෙම සාකච්ඡාවල ප්‍රධාන මැදිහත්කරුවෙකු බවට දකුණු කොරියාව මෙන්ම, එරට ජනපති මූන් ජේ-ඉන් ක්‍රියාකළ අතර, ඔහු සිය ජනපති ධුරය භාරගැනීමේදී පවා මෙම අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කෙරෙහි විශ්වාසය තැබූවෙකි.
ඒ අනුව, දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් සහ බිරිඳ කිම් ජුඈන්ග්-සූක් තෙදින නිල සංචාරයක් සඳහා අද (18දා) උතුරු කොරියාව වෙත ගොඩබැස්සේ යැයි විදෙස් වාර්තා පවසයි.
ඔවුන් දෙපොළ ඉතා උණුසුම් අන්දමින් පිළිගැනීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සහ බිරි රී සොල්-ජූ කටයුතු කර තිබුණි.
දශක ගණනාවකට පසුව දකුණු කොරියානු නායකයෙකු උතුරු කොරියානු අගනුවර වෙත ගිය ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි.
මෙම සාකච්ඡාව මෙම වසර තුළ දෙරටේ නායකයන් අතර සිදුවන තෙවැනි සාකච්ඡාව වන අතර, ඔවුන්ගේ පළමු වැනි ඓතිහාසික සාකච්ඡාව දේශසීමා නගරයේදී පසුගිය අප්‍රේල් මාසයේදී සිදුවිය.
වර්ෂ 1953 දී කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසුව මෙම රටවල් බෙදී වෙන්වූ අතර, ඔවුන් එදා සිට අද දක්වාම සීතල යුද්ධයක පසුවූයේ යැයි පැවසීම මුසාවක් නොවේ.