ඉන්දියාව, පකිස්ථානය, නේපාලය යන රටවල අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි කොවිඩ්-19 ප්‍රභේද ඉහළ යාම පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ ජපාන ජාතිකයන්ට සහ එම රටවලින් පැමිණෙන පදිංචිකරුවන්ට පනවා ඇති තහංචි දැඩි කරන බව ජපාන රජය නිවේදනය කරයි.
මෙම දැඩි ක්‍රියාමාර්ග සඳුදා සිට ක්‍රියාත්මක වන අතර එරට රජයේ නිරෝධායන පහසුකම් තුළ මෙම රටවල් තුනෙන් ඕනෑම රටකින් පැමිණෙන මගීන් දින 6ක් රැඳී සිටීම අනිවාර්ය වෙයි.
රජයේ නව මාර්ගෝපදේශයන්ට අනුව ඔවුන් එසේ පැමිණි පසුව දින තුනකින් සහ දින හයකින් PCR පරීක්ෂණ සඳහා යොමුකරනු ඇත.
මෑත සතිවල පාකිස්තානයේ සහ නේපාලයේත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර, ඔවුන්ගේ අසල්වැසි ඉන්දියාව මාරාන්තික වෛරසයේ දෙවැනි රැල්ලට ගොදුරු වෙමින් සිටියි.