දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසා ඊයේ (15දා) සවස ජාතිය අමතමින් රටේ කොරෝනා වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි හා දැඩි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළේය.
රමෆෝසා ද දකුණු අප්‍රිකාවට ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර, මේ වනවිට රට තුළ වෛරසය අභ්‍යන්තරව සම්ප්‍රේෂණය වීමේ තත්ත්වයක් මතුව ඇති බව පෙන්වා දෙයි.
ඒ අනුව අධික අවදානම් සහිත රටවලින් සංචාරය කිරීම තහනම් කරන බව නිවේදනය කළ රමෆෝසා ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ජර්මනිය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය යන රටවලට මාර්තු 18 සිට මෙම සංචාරක සීමාවන් පැනවෙන බව කියයි.
එම රටවල පුරවැසියන්ගෙන් දැනට පවතින වීසා බලපත්‍රද අවලංගු කරන බව පැවසූ රාමෆෝසා, පසුගිය දින විස්ස තුළ අධි අවදානම් සහිත රටවලට ගිය ඕනෑම විදේශිකයෙකුට වීසා බලපත්‍රය අහිමි වන බවද අවධාරණය කරයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි, දකුණු අප්‍රිකානු පුරවැසියන්ට යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය, ඉරානය සහ දකුණු කොරියාව වැනි හඳුනාගත් අධි අවදානම් සහිත රටවල් වෙත හෝ ඒ හරහා ගමන් කිරීම මෙමගින් වළක්වා තිබේ.