අලිබබා සමාගමේ විධායක සභාපති ජැක් මා තවත් වසරකින් සිය ධුරයෙන් ඉවත්වන බව සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය සති අන්තය පුරා විවිධ කටකතාවලින් කියවුණේ අලිබබා සමාගමේ විධායක සභාපති ධුරයෙන් ජැක් මා අද දිනයේදී ඉල්ලා අස්වනු ඇති බවය. එහිදී, චීන මාධ්‍ය පවා මෙම පුවත තහවුරු කරනු ලැබීය.
මෙම අනාවරණයත් සමග චීනයේ සුපිරි ධනවතුන්ගෙන් කෙනෙකු මෙන්ම, ලෝකයේ බලවත් ඊ-වාණිජ්‍ය ව්‍යාපාරයක හිමිකරුවෙකු වූ ජැක් මා සහ අලිබබා සමාගම සම්බන්ධ ඉදිරි කටයුතු වඩාත් පැහැදිලි වෙයි.
ඒ අනුව, ජැක් මා විශ්‍රාම යෑමෙන් පසුව දැනට සමාගමේ ප්‍රධාන විධායක තනතුර දරන ඩැනියෙල් සැන්ග් අලිබබා සමාගමේ විධායක සභාපති ධුරයට පත්වනු ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.
46 වැනි වියෙහු පසුවන සැංග් අලිබබා සමාගම විසින් දියත් කළ සින්ගල්ස් ඩේ ප්‍රවර්ධන වැඩසටහනේ නිර්මාණකරු වන අතර, එය ලෝකයේ අන්තර්ජාල සමාගමක් එක් දිනක් තුළ දියත් කළ දැවැන්තම වෙළෙඳ වැඩසටහන බවට පත්විය.
ඒ අනුව, 2019 සැප්තැම්බර් 10දා සිට අලිබබා සමාගමේ විධායක සභාපති ධුරයට ඩැනියෙල් සැන්ග් පත්වනු ඇත.
මේ වනවිට ලෝකයේ වඩාත් වටිනාකමක් සහිත සමාගමක් ලෙස සැලකෙන අලිබබා හි කොටස් අගය පසුගිය වසරේදී දෙගුණයකට ආසන්නව වැඩිවිය.