මහා බ්‍රිතාන්‍ය යුරෝපයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් සැලසුම ප්‍රතික්ෂේප වීමත් සමග දෙවැනි සැලසුමක් ඉදිරිපත් කිරීමට අගමැතිනී තෙරේසා මේ සූදානම් වෙයි.
කෙසේ වෙතත්, මෙම නව සැලසුම සඳහාද විරුද්ධ පක්ෂවල මතය වඩාත් පැහැදිලිව අඩංගු වී නොමැති බවට කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් පවසයි.
ඒ අනුව, මෙම නව සැලසුම වෙනුවෙන්ද අලුත් යෝජනා රැසක් ඉදිරිපත් වීමට නියමිත අතර, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වන දිනය දීර්ඝ කිරීමද ඒ අතර වනු ඇත.
එහිදී, නව යෝජනාවන් සමග පැමිණෙන තේරේසා මේ ඉදිරිපත් කරන මෙම නව බ්‍රෙක්සිට් සැලසුම එලැඹෙන ජනවාරි 29 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම සිදුවනු ඇත.