තායිවානයේ, යීලාන් පළාතේ සිදුවූ අධිවේගී දුම්රිය පීලි පැනීමකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 137 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
එරට වේලාවෙන් අද සවස 4.50ට පමණ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව තායිවාන දුම්රිය බලධාරීන් පවසා සිටියේය.
දුම්රිය පීලි පනින අවස්ථාවේදී එහි දුම්රිය මගීන් 366 දෙනෙකු ගමන් කර ඇති අතර, දුම්රියේ වූ සියලුම දුම්රිය පෙට්ටි මෙහිදී පීලි පැනීමට ලක්ව ඇති බවද සඳහන් වෙයි.
එමෙන්ම, තවත් පිරිසක් දුම්රිය මැදිරි අතර සිරවී සිටි බවද එරට මධ්‍යම පුවත් ඒජන්සිය පවසා සිටියේය.