කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තායිලන්තයේ සිදුව ඇති ප්‍රථම මරණය වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ දිනයේදී එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේද කොරෝනා ආසාදිත මරණය බැගින් වාර්තා විය.
ඒ අනුව එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මේ වනවිට 74ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය පාලනය සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගෙන තිබේ.
2008 ආර්ථික අර්බුදය පැවති සමයෙන් පසුව ඩවු ජෝන්ස් සහ එස් ඇන්ඩ් පී 500 මිල දර්ශකය සතියක් තුළ දරුණුම කඩා වැටීමකට ලක්ව තිබූ බවද එක්සත් ජනපද මූල්‍ය වෙළෙඳ පොළ පෙන්වා දෙයි.