තායිලන්තය තුළ කොටි ඇතිදැඩි කළ ආරාමයක සිටියදී මීට වසර තුනකට පෙර වනජීවී නිලධාරීන් භාරයට ගැනුණු කොටින් 147 න් අඩකට වඩා මේ වනවිට මියගොස් තිබේ.
සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටි වට් ෆා ලුආන් තා බුවා ආරාමයේ සිටියදී වර්ෂ 2016 දී මෙම කොටින් රැගෙන යාමත් සමග ඉන් කොටින් 86 දෙනෙකු මියගොස් තිබේ.
තායිලන්තයේ වනෝද්‍යාන සේවය පැවසුවේ මෙසේ රැගෙන ගිය කොටින් බහුතරයක් වෛරසයක් හේතුවෙන් මියගොස් ඇති බවයි. එමෙන්ම, මෙම කොටි රැල අතර අභිජනනය හා බැඳී ඇති ජානමය ගැටලුද මෙම මරණවලට හේතුව බව වනජීවීන නිලධාරීහු කියති.
කෙසේ වෙතත්, බලධාරීන් කොටින්ව ආරක්ෂිත තත්ත්වයන් යටතේ රඳවාගෙන සිටීදැයි මේ වනවිට පරිසරවේදීන් ප්‍රශ්න කිරීම අරඹා තිබේ.
මේ අතර, කොටින්ගේ රැකවරණය යටතේ සිටියදී සත්ත්ව හිංසනය, ජාවාරම සහ නීති විරෝධී ලෙස බෝකිරීම පිළිබඳ චෝදනා එම ආරාමය එවකට මෙන්ම අදටත් ප්‍රතික්ෂේප කරන අතර, මෙසේ තමන් සන්තකයේදී හොඳන් ජීවත් වූ සතුන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සංවේගයකටද පත්ව තිබේ.