තායිලන්තයේ මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමා සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය ප්‍රධානී සුතිදා තිද්යායි සමග විවාහ වූ බව එරට රජ මාලිගය නිවේදනය කළේය.
මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමාගේ පදවි ප්‍රාප්තිය චාරිත්‍රානුකූලව තහවුරු කෙරෙන අත්‍යලංකාර මෞලි මංගල්‍යය ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව තිබියදී මෙම හදිසි නිවේදනය රජ මාලිගය විසින් සිදුකර තිබේ.
තායිලන්තයේ වඩාත් ජනප්‍රියතම රජතුමා වූ භූමිබෝල් අදුල්යාදේජ් රජු පසුගිය 2016 වසරේදී සිය දිවියෙන් සමුගත අතර, පසුව මහා වජිරාලොන්ග්කෝර්න් රජු සිහසුනට අනුප්‍රාප්ත විය.
තායිලන්තයේ පක්ෂ දේශපාලනයට ඉහළින් ක්‍රියාත්මක වෙන තායිලන්ත රාජ්‍යත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපනය කරනලද ආයතනයක් වන අතර පාරම්පරිකව උරුම වූ පදවියකි.
කෙසේ වෙතත්, 66 වැනි වියෙහි පසුවන වත්මන රජතුමා මීට පෙර අවස්ථා තුනකදී විවාහ වී දික්කසාද වූවෙකි. ඔහුට එම විවාහවලින් දැනටත් දරුවන් 7 දෙනෙකු වෙති.
නමුත්, ඔහු තම රාජකීය ප්‍රියම්භිකාව මෙන්ම, තම පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනී තනතුරේ තබාගෙන සිටි ජෙනරාල් සුතිදා වජිරාලොන්ග්කෝර්න් නා ආයුද්යා යනු අද සිය රැජිනයි.
ඒ අනුව, මෙම රාජකීය පදවියත් සමග තායිලන්ත රජ පවුලේ සාමාජිකාවකට උරුම වන සියලු තත්ත්වයන් හා වරප්‍රසාද ඇයටත් හිමිවන බව වාර්තා වෙයි.
ඇයට දැනට බොහෝ කාලයක සිට රජතුමා සමග සිටියත්, ඔවුන් දෙදෙනාගේ සබඳතාව මෙතරම් සමීප සබඳතාවක් බව ප්‍රසිද්ධ නොවූ අතර, මෙම පුවත බොහෝ දෙනෙකු මවිත කළ පුවතක් විය.
මහා වජිරාලෝන්ග්කෝර්න් රජතුමා තම දේවිය වන සුතිදා රැජිනගේ හිස මත පාරිශුද්ධ ජලය ඉසීමෙන් අනතුරුව රාජකීය නව යුවළ විවාහ ලේකම් පුස්තකයෙහි අත්සන් තැබූහ.
සුතිදා රැජින මීට පෙර තායි ගුවන් සේවිකාවක් වූවාය. අනතුරුව ඇය මහා වජිරාලොන්ග්කෝර්න් රජතුමා විසින් සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනිය ලෙස පත්කර ගන්නා ලද අතර, 2016 වසරේ දෙසැම්බර් මාසයේ ඇයට පූර්ණ බලතල සහිත ජෙනරාල් පදවියක් පිරිනැමීය.