තායිලන්තයේ හමුදා සෙබලෙකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් 29 දෙනා සිහි කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දානමය පුණ්‍ය කර්මයක් සිදුකර තිබේ.
නාකොන් රට්චසිමා නගරයේ සිදුවූ මෙම සමූල ඝාතන සිද්ධියෙන් සතියකට පසු සෙනසුරාදා මහජනතාවද විශාල වශයෙන් එක්රැස් වී මෙම පුණ්‍යකර්මය සිදුකර ඇත.
32 හැවිරිදි සොල්දාදුවෙකු වන ජක්‍රෆන්ත් තොම්මා නගරය පුරා ස්ථාන කිහිපයක පැය 16ක් පුරා සිදුකළ වෙඩි හුවමාරුවක් අතරතුර මෙම සමූල ඝාතනය සිදුවිය.
වෙඩි තැබීම් ආරම්භ වූයේ සොල්දාදුවා සිය අණදෙන නිලධාරියා මරා හමුදා කඳවුරකින් ගිනි අවියක් සොරකම් කිරීමෙනි.
තුවක්කුකරු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කිරීමට පෙර වීදිවල සහ සාප්පු සංකීර්ණයකදී සිය ප්‍රහාරය දිගටම කරගෙන ගියේය.
ඒ අනුව ප්‍රහාරය සිදුවූ ටර්මිනල් 21 සාප්පු සංකීර්ණයෙන් පිටත පුෂ්පෝපහාර දැක්වූ අතර, එම සංකීර්ණය යළි මහජනතාවට විවෘත කිරීමටද බලධාරීන් කටයුතු කර තිබුණි.