වසර 178ක් සුප්‍රසිද්ධ සංචාරක සේවා සමාගමක් බේරාගැනීමේ අරමුණින් අවසන් මොහොතේ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු තෝමස් කුක් කඩා වැටී තිබේ.
එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) පැවසුවේ සංචාරක ක්‍රියාකරු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය වෙළෙඳ කටයුතු නතර කර ඇති බවයි.
බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් 150,000කට වැඩි පිරිසක් යළිත් සිය රට වෙත ගෙන්වා ගැනීමට මෙතෙක් ඔවුන් ලබාදී තිබූ විශාලතම සහන කාලයද මේ වනවිට අවසන්ව ගොස් ඇත.
තෝමස් කුක් හි ප්‍රධාන විධායක පීටර් ෆෑන්ක්හවුසර් පැවසුවේ සමාගමේ බිඳවැටීම 'දැඩි කණගාටුවට කරුණක්' බවයි.
සමාගම අනිවාර්ය ඈවර කිරීමකට අවතීර්ණ වීම පිළිබඳව අදහස් දක්වමින් ෆෑන්ක්හවුසර් මහතා සමාගමේ මිලියන සංඛ්‍යාත ගනුදෙනුකරුවන් සහ දහස් ගණනක් සේවකයන්ගෙන් සමාව අයැද සිටියේය.
මෙම සුප්‍රසිද්ධ සංචාරක සේවා සමාගමේ අසාර්ථකත්වය එක්සත් රාජධානියේ 9,000ක් ඇතුළුව ලොව පුරා රැකියා 22,000ක් අවදානමට ලක්කර ඇත.