තම ආදරණීය පවුලේ සුනඛයා වන බෝ මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා නිවේදනය කළේය.
"අද දහවල් අපේ පවුලට බොහොම කනගාටුදායක පුවතක්. පිළිකාවක් සමග සටනකින් පසු අපගේ හොඳම මිතුරා වන බෝ අපට සමු දුන්නා" යැයි හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි.
"දශකයකට වැඩි කාලයක් තිස්සේ, බෝ අපගේ ජීවිතයේ නිරන්තර, මෘදු පැවැත්මක් ඇති කළා. අපගේ හොඳ දවස්, නරක දවස් සහ එදිනෙදා සෑම දිනකම අපව දැකීම බෝ වෙත මහත් සතුටට කරුණක් වුණා" යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ලිවීය.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා ජනපති ධුරය දරන කාලයේදී ධවල මන්දිරයේ සිටි, මාධ්‍යයේ වඩාත් අවධානය දිනාගත් සුනඛයෙකු ලෙස මෙම සුරතල් සුනඛයා සැලකුණි.