ජර්මනිය ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස එරට එන්නත්කරණය වේගවත් කර ඇති අතර, ජනගහනයෙන් 80%ක්වත් එන්නත් කිරීමේ ඉලක්කය සඳහා සෞඛ්‍ය අංශ සූදානම් වන බව කියයි.
කෙසේ වෙතත් ජර්මනය තුළද එන්නත් ඉල්ලුම තවමත් සැපයුම ඉක්මවා ගියත්, ඉදිරි සති කිහිපය තුළ එන්නත් ලැබීමත් සමග මෙය අතිරික්තයක් කරා මාරු වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් මහතා පැවසීය.
ජූලි මස මුල් සතිය තුළදී රජය විසින් ප්‍රාදේශීය එන්නත් මධ්‍යස්ථාන වෙත මාත්‍රාවන් මිලියන 5ක් ලබාදෙන අතර, ජර්මනියට මුලින් පොරොන්දු වූ මාත්‍රාව මෙන් දෙගුණයක් ලබාදීමට මොඩෙර්නා ඉන්කෝපරේෂන් සමාගමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම එන්නත් ලබාගැනීමට පසුබට වන අය දිරිමත් කිරීමද රජය අරඹා ඇති අතර, නගර මධ්‍යස්ථානවල හෝ දේවස්ථාන සහ මුස්ලිම් පල්ලිවල සිටින අයට එන්නත් ලබාදීම සඳහා රට වඩාත් ක්‍රියාශීලීව ප්‍රවර්ධනයකට යොමුවන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මේ වනවිට ජර්මනිය තුළ භාවිත නොවන අතර, බොහෝ ජර්මානුවන් ෆයිසර්-බයෝඑන්ටෙක් විසින් නිපදවන එන්නතට වැඩි කැමැත්තක් දක්වන බවද කියයි.