දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වෛරස ආසාදිතයන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය මගින් ආධිපත්‍යය දරන බව එරට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.
කොරෝනා වෛරස රෝගීන් හා මරණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව, මහාද්වීපයේ දරුණුතම බලපෑමට ලක්වූ රට වන අතර, එය තහවුරු කරනලද ආසාදනවලින් දළ වශයෙන් තුනෙන් එකක් සහ මරණවලින් 40%කට වඩා වැඩි අගයක් බව කියයි.
නමුත් මිලියන 60ක ජනගහනයෙන් මේ දක්වා එන්නත් ලබාදී ඇත්තේ මිලියන 2.7ක පිරිසකට පමණක් බවද සඳහන් වෙයි.
රටේ දෙවැනි කොරෝනා වෛරස රැල්ලේදී මුලින්ම දේශීයව අනාවරණය කරගත් බීටා ප්‍රභේදය මගින් මෙහෙයවන ලද නමුත්, ඩෙල්ටා ප්‍රභේදය දැන් නව ආසාදනවලට නායකත්වය දෙන බව පෙනේ.