කොරෝනා වෛරසයේ ප්‍රථම වරට ඉන්දියාවේදී හමුවූ ඩෙල්ටා ප්‍රභේදය, සිය දේශසීමා තුළ කොවිඩ්-19 තුරන් කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහයට ඇති ලොකුම තර්ජනය බව එක්සත් ජනපද වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි අවධාරණය කරයි.
"කොවිඩ්-19 හි මුල් ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ සම්ප්‍රේෂණය වීමේ හැකියාව අවිවාදිතයි" වෛද්‍ය ෆවුසි පැවසීය. "එය රෝගයේ බරපතලකම සමග සම්බන්ධ වී පවතිනවා" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.