ඩෙල්ටා වෛරසය ප්‍රභේදයේ ව්‍යාප්තිය වේගවත් වීම නිසා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවේ එන්නත ලබාගත් ඇමෙරිකානුවන් සඳහා ෆයිසර්-බයෝඑන්ටෙක් හෝ මොඩෙර්නා mRNA මත පදනම් වූ දෙවැනි එන්නතක් විදගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.
මෙම එන්නත් මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් පරීක්ෂණ සිදුකර නොමැති වුවද, එය බොහෝ තැන්වල සිදුවෙමින් පවතින බවද කියයි. ඒ අනුව කැනඩාව මෙන්ම සමහර යුරෝපීය රටවල්ද එන්නත් මිශ්‍ර කර ලබාගැනීමට පුද්ගලයන්ට අවස්ථාව ලබා දී ඇත.
විශේෂයෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ඩෙල්ටා ප්‍රභේදයට විරෝධය දක්වන ආකාරය පිළිබඳ සැලකිය යුතු තොරතුරු නොමැත. එසේ වුවද, එක්සත් රාජධානියේ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ ෆයිසර්- බයෝඑන්ටෙක් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වල මාත්‍රාවන් 2ක් මෙම ප්‍රභේදයට වැඩි ආරක්ෂාවක් සපයන බවයි.