එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ කලාපයට ගමන් කරමින් සිටි ඩෝරියන් සුළි කුණාටුව කැනඩාවට ඇතුළු වී තිබේ.
කැනඩාවේ නොවා ස්කෝටියා පළාත වෙත පැමිණි සුළි කුණාටුව මේ වනවිටත් පැයට කිලෝමීටර් 100 ඉක්මවන සුළං වේගයක් වාර්තා කරන ප්‍රබල සුළි කුණාටුවක් බව කියයි.
කුණාටුව හේතුවෙන් එම පළාතේ විදුලිබලය ඇණහිට ඇති අතර, නගර රැසක ගස් කඩා වැටී ඇති ආකාරය දැකගත හැකිවිය.
බහමාස් වෙත දැඩි බලපෑමක් කිරීමෙන් අනතුරුව පස්වැනි අදියරේ පැවති මෙම ප්‍රබල සුළි කුණාටුව මෙසේ සිය වේගය බාල කරමින් ඇදී එන අතර, බහමාස් හි නිල මරණ සංඛ්‍යාව 43ක් ලෙස වාර්තා විය.
එමෙන්ම, මෙම ප්‍රබල සුළි කුණටුව හේතුවෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනයක්ද පවතින අතර, මෙය අද (08දා) දිනයේදී දෙගුණ විය හැකි බව නෝවා ස්කෝටියා පළාත් බලධාරීහු පවසති.