ඩෝරියන් සුළි කුණාටුව මේ වනවිට මහා ඛේදවාචකයකට මුල පුරන 5 වැනි අදියරේ සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත්, එය බහමාස් වෙත කඩා වැදීමට සූදානම් බවත් විදෙස් වාර්තා පවසයි.
එක්සත් ජනපද සුළි කුණාටු පිළිබඳ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ මෙම කුණාටුව විසින් දැඩි වර්ෂාපතනයක් සමග වේගවත් සුළං දහරා ඇති කරනු ඇති බවයි.
එය අතිශය දරුණු කුණාටුවක් විය හැකි බව විශ්වාස කරන ඔවුන්, එය බහමාස් හි වයඹදිග වෙරළතීරය ආශ්‍රිතව ප්‍රබල හානියක් සිදුකරනු ඇති බවද කියා සිටියි.
ඒ අනුව, ග්‍රෑන්ඩ් බහමාස් හි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා කඩිනමින් යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, ප්‍රධාන ගුවන් තොටුපොළ හැර සෙසු ගුවන් තොටුපොළ කිහිපයක්ම වසා දැමීමටත් පියවර ගෙන තිබේ.
පැයට කිලෝමීටර් 260ක පමණ සුළං වේගයක් සමග බහමාස් වෙත බැටදීමෙන් අනතුරුව මෙම සුළි කුණාටුව එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය වෙත බලපෑම් කිරීමට නියමිතය.