ඩෝරියන් සුළි කුණාටුවෙන් බහමාස් වෙත පෙර නොවූවිරූ විනාශයක් සිදුව ඇති බව එරට රාජ්‍ය නායකයන් පවසයි.
බහමාස් අග්‍රාමාත්‍ය හර්බට් මිනිස් පවසන ආකාරයට අතිශය දරුණු තත්ත්වයේ පවතින ඩෝරියන් සුළි කුණාටුව අත්ලාන්තික සුළි කුණාටු වාර්තාවන්ට අනුව දෙවැනි දරුණුතම සුළි කුණාටුවයි.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පෙන්වා දෙන පරිදි සුළි කුණාටුව හේතුවෙන් නිවාස 13,000ක් විනාශ වී ඇත.
සුළි කුණාටුව සමග ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙන අතර, වාහන ගංවතුරේ පාවෙන දර්ශන හා ගස් කඩා වැටී ඇති දර්ශන දැකගත හැකිය.
5 වැනි අදියරේ සුළි කුණාටුවක් ලෙස බහමාස් වෙත ඇතුළු වූ ඩෝරියන්, පැයට කිලෝමීටර් 250 ඉක්මවන සුළං දහරා ඇති කර තිබෙන බව එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
ඉදිරි දින කිහිපය තුළත් ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඇදී යන ඩෝරියන්, ඉදිරියේදී ඇමෙරිකානු වෙරළට පැමිණීමට නියමිත අතර, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා, ජෝර්ජියා, උතුරු සහ දකුණු කැරොලීනා යන සියලු ප්‍රාන්තවල මේ වනවිට හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කර තිබේ.