එක්සත්ජ ජනපද හිටපු උප ජනාධිපති ජෝ බෙයිඩන් 2020 ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරග කරන බව නිවේදනය කරයි.
වීඩියෝ පණිවුඩයකින් ඔහු පවසා සිටියේ ඇමෙරිකානු ජාතියේ ප්රමුඛතම අගයන්, ප්රජාතාන්ත්රික අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ ඇමෙරිකාව ඇමෙරිකාවක් කිරීමේ සටනට තමා උරදෙන බවයි.
76 හැවිරිදි වියේ පසුවන බයිඩ්න්, මීට පෙර අවස්ථා දෙකකදී අමෙරිකානු ජනාධිපතිවරණයට තරග කර ඇති අතර, ඔහු මෙවර තරග වදින්නේ එළිසබෙත් වොරන්, කමාලා හැරිස් සහ බර්නි සැන්ඩර්ස් වැනි ජනපති තරගයට පිවිසි සෙනට් සභිකයන් 19 දෙනෙකු සමගිනි.
බරැක් ඔබාමා රජයේ උප ජනපති ලෙස දෙවරක් කටයුතු කර ඇති ඔහු, වත්මන් ට්රම්ප් පාලනය දැඩිව හෙළා දකින්නෙකු ලෙස හැඳින ගැනෙයි.