ඉරාක යුද්ධයේ ප්රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කළ එක්සත් ජනපද හිටපු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් වයස අවුරුදු 88 දී සිය දිවියට සමුදී ඇති බව වාර්තා වෙයි.
"ඇමෙරිකානු රාජ්ය තාන්ත්රිකයෙකු හා කැපවූ ස්වාමිපුරුෂයෙක්, පියෙක්, මෙන්ම සීයා කෙනෙකුද වන ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ගේ අභාවය පිළිබඳ පුවත අප බෙදාහදා ගැනීම අතිශයින් කණගාටුවට කරුණක්" යනුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් ප්රකාශයක් නිකුත් කර තිබුණි. "88 වැනි වියේදී ඔහු දිවියට සමුදෙන විට ඔහුගේ පවුලේ අය ඔහු වටා සිටියා."
වියට්නාම් යුධ සමයේ ආරක්ෂක ලේකම් රොබට් මැක්නමාරා සමග කටයුතු කළ වඩාත්ම බලගතු පුද්ගලයන් ලෙස රම්ස්ෆෙල්ඩ් පෙන්ටගනයේ රැකියාවක් කළේය. ඒ අත්දැකීම් සමග ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පරිපාලනයේදී ඔහු එරට ආරක්ෂක ලේකම් ධුරයට පත්විය.
රම්ස්ෆෙල්ඩ් භාරව සිටි එක්සත් ජනපද හමුදා ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ පාලනය වේගයෙන් පෙරළා දැමූ නමුත් ඉක්බිතිව නීතිය හා සාමය පවත්වා ගැනීමට අපොහොසත් විය. ඉරාකය සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ම්ලේච්ඡ කැරැල්ලක් හා ප්රචණ්ඩත්වයක් ඇති විය. ඔහු සිය ධුරයෙන් ඉවත් වී බොහෝ කලකට පසුවත් එක්සත් ජනපද හමුදා ඉරාකයේ රැඳී සිටියේය.