පිලිපීන ජනාධිපති රුඩ්රිගෝ ඩුටාර්ටේ ගෙනගිය මත්ද්‍රව්‍ය යුද්ධයට එරෙහිව පිලිපීනය තුළ කටයුතු කළ ඔස්ට්‍රේලියානු ජාතික කන්‍යා සොයුරියක පිටුවහල් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
72 හැවිරිදි වියේ පසුවන පැට්‍රීෂියා ෆොක්ස් කන්‍යා සොයුරිය විසින් කිහිප වරක්ම ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වෙළෙඳාම නැවැත්වීම සඳහා ගෙනගිය ප්රචණ්ඩත්වය හෙළා දුටු අතර, එය විවේචනය කරමින් කතා කර තිබුණි.
අවසානයේදී දූත මෙහෙවර වෙනුවෙන් ඇයට ලබාදී තිබූ වීසා අවලංගු කරමින් තාවකාලික සංචාරක වීසාවක් පමණක් ඇය වෙනුවෙන් නිකුත් කිරීමට පිලිපීන රජය කටයුතු කර තිබුණේ මසක පමණ කාලයකට වංලගු කරමිනි.
ඒ අනුව, පසුගිය සෙනසුරාදා පිලිපීනයෙන් පිටතව යෑමට පෙර ඇය කියා තිබුණේ ඩුටාර්ටේ ජනාධිපතිවරයා අහිංසක මිනිසුන්ගේ වේදනාබර විලාපයට ඇහුම්කන් දිය යුතු බවයි.
එහිදී, ඇය වැඩිදුරටත් පවසා තිබුණේ, ආයුද සන්නද්ධ කණ්ඩායම් නොව, ව්‍යාපාරික පැලැන්තියත් නොව, නාගරික දිළින්ඳන්ගේ, වැඩකරන ජනතාවගේ, පාරම්පරික මිනිසුන්ගේ හඬට ජනාධිපතිවරයා ඇහුම්කන් දිය යුතු බවයි.