ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක් චීනයේ ෂැංහයි නුවර නවතම ටෙස්ලා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීම සඳහා මුලපුරා තිබේ.
එය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත ඇමෙරිකානු ඉලෙක්ට්‍රික් මෝටර් රථ සමාගමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ වන ප්‍රථම අවස්ථාව වීමද විශේෂත්වයකි.
චීනයේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමග මේ වනවිට ටෙස්ලා සමාගමට දැඩි තරගයකට මුහුණදීමට සිදුව ඇත්තේ පවතින නව බදු ප්‍රතිපත්ති හේතුවෙනි.
කෙසේ වෙතත්, මෙම නව කර්මාන්ත ශාලාව නිසා ඇමෙරිකානු මෝටර් රථ ආනයන බදුවලින් තොරව ටෙස්ලා සමාගමට චීනය තුළ සිය තරගකාරීත්වය වඩාත් හොඳින් පවත්වා ගැනීමට හැකිවන බව කියැවෙයි.
ටෙස්ලා සමාගමේ වඩාත් පිරිමැසුම්දායක මෝටර් රථයක් වන ටෙස්ලා 3 මෝටර් රථය මෙන්ම, ටෙස්ලා වයි මෝටර් රථයද සිය නවතම සමාගම තුළ නිෂ්පාදනය කෙරෙනු ඇති බව මස්ක් පවසා තිබේ.
ඇ.ඩො.බිලියන 5ක වියදමින් ඉදිවන මෙම කර්මාන්ත ශාලාව තුළ මෙම වසර අවසානය වනවිට ටෙස්ලා 3 මෝටර් රථ නිෂ්පාදනය ඇරඹෙනු ඇති බවද ඔහු පවසා තිබේ.