එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරයට පැය කිහිපයකට පෙර ඉන්දියාවේ මතභේදාත්මක නව පුරවැසි නීතියට විරෝධය පළ කරමින් දිල්ලියේ පැවති විරෝධතා අතරතුර පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය වසරේ නව නීතිය සම්මත වීමෙන් පසු අගනුවර පැවති මෙම විරෝධතාවයේදී පොලිස් නිලධාරියෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම පනතින් ආසන්න රටවල සිටින තාඩන පීඩනයන්ට ලක්වන සුළුතර ජනතාවට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව සලසා තිබුණි.
ට්‍රම්ප් අද දිනයේ දිල්ලි නුවරදී අගමැති මෝදි සමග සාකච්ඡා සඳහා සූදානම් වනවිට නගරයේ ඇතැම් ස්ථානවල තවදුරටත් විරෝධතා පැවැත්වෙනු ඇති බවද කියැවෙයි.
ඊයේ දිනයේදී ට්‍රම්ප් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මව් ප්‍රාන්තය වන ගුජරාටයේ දැවැන්ත මහජන රැලියකට සහභාගී වූ අතර, පසුගිය කාලයේදී මෝදි රජයේ ජනප්‍රියත්වය පිරිහෙන අවස්ථාවක ට්‍රම්ප්ගේ පැමිණීම අස්වැසිල්ලක් වී ඇති බව විචාරකයෝ පවසති.