ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා ට්‍රම්ප් උතුරු ඉන්දියාවේ අග්‍රා හි ආදරයේ ස්මාරකය බඳු වූ ටජ් මහල් ප්‍රාසාදය නැරඹීමට ගොස් තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු වැනි ඉන්දීය සංචාරය මෙය වන අතර, ඔහු ඊයේ ගුජරාට් ප්‍රාන්තයේ පැවති දැවැන්ත මහජන රැලියකට සහභාගී විය.
අග්‍රාහි දී වර්ණවත් පිළිගැනීමක් ට්‍රම්ප් වෙත ලබාදුන් අතර, ඊට මොනරුන් හා අශ්වයන් ලෙස සැරසී සිටි නර්තන ශිල්පීන්ද දැකගත හැකි විය.
අග්‍රා පිහිටා ඇති උත්තර් ප්‍රදේශ්හි මහ ඇමති යෝගී ආදිත්‍යනාත් විසින් ගුවන් තොටුපොළට පැමිණ ඇමෙරිකානු නායකයා පිළිගැනීමද විශේෂත්වයකි.
17 වැනි සියවසේ මෝගල් අධිරාජ්‍යයෙකු වූ ෂා ජහාන් විසින් සිය මුම්ටාස් මහල් රැජින සිහි කිරීම පිණිස ඉදිකළ ටාජ් මහල් නම් වූ කිරිගරුඬ ප්‍රාසාදය වෙත ගිය ට්‍රම්ප් යුවළට එහිදීද උණුසුම් පිළිගැනීමක් ලැබුණි.
ටජ් මහල් යනු ඉන්දියාවේ වඩාත් සුප්‍රසිද්ධම ස්මාරකය වන අතර, සාමාන්‍යයෙන් එරටට පැමිණෙන ඕනෑම සම්භාවනීය අමුත්තෙකුගේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට ටාජ් මහල් පත්වෙයි.
ඉන්දියානු නිදහස් සටනේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධි උපත ලබා, වසර 13ක කාලයක් ගුජරාට් ප්‍රාන්තයේ ජීවත් වූ සබාර්මතී ආශ්‍රමය වෙතද ට්‍රම්ප් යුවළ සංචාරයක කළහ.
ගාන්ධි සිය දේශපාලන ව්‍යාපාරයේදී විදේශීය රෙදිපිළි ප්‍රධාන සෙසු විදේශීය නිෂ්පාදන වර්ජනය කර ඒ වෙනුවට චරකයෙන් නූල් කැට දේශීය රෙදිපිළි සකස් කරගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ ඒ ඉන්දීය විප්ලවය අත්විඳීමටද ට්‍රම්ප් යුවළට හැකිවිය. ඔවුන් දෙදෙනාම චරකයෙන් නූ කැට රෙදි වියන ආකාරය අත්හදා බැලුවේ අගමැති මෝදිද සමගිනි.