ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 2,800ක් පමණ නගරය අත්හැර පළා යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවධානය පවසයි.
අනෙකුත් සාමාන්‍ය වැසියන් ගැටුම්වලට මැදිව සිටින බවත්, හදිසි සේවා කිසිවකට එම ප්‍රදේශයට ඇතුළු වීමට හැකියාවක් නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා ජෙනරාල් ඛලීෆා හෆ්ටාර්ට පක්ෂපාතී බලකායන් ප්‍රහාර ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබන වත්මන් රජය පෙරළා දැමීමේ අරමුණෙනි.
එහිදී, අගමැති ෆයේස් අල්-සෙරාජ් විසින් ජෙනරාල්වරයා හමුදා කුමන්ත්‍රණයක් දියත් කළ බවට චෝදනා කරන ලදී.
මෙම ගැටුම්වලින් සටන්කරුවන් 32ක් ඝාතනයට ලක්කළ බව රජයේ හමුදා පැවසුවත්, ජෙනරාල්වරයාගේ බලකායන් පවසා තිබුණේ ජීවිත 14ක් පමණක් අහිමි වූ බවය.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර අතරතුර රතු අඩ සඳ සංවිධානයේ වෛද්‍යවරයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබුණි.