උතුරුදිග ටැන්සානියාවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිය ගණනක පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
අනතුරින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 102 දෙනෙකු බේරාගත් බව පැවසුණත්, අනතුරට පත්වන අවස්ථාවේදී 400කට ආසන්න පිරිසක් එහි ගමන් කරමින් සිට ඇති බව කියැවෙයි.
එම්.වී. නයෙරේරේ නමින් හැඳින්වෙන මෙම පාලම් පාරුව උකෝරා සහ බුගොලෝරා යන දූපත් අතරදී අනතුරට පත්ව ඇත.
ඒ අනුව, සිද්ධියෙන් අතුරුදන්වූවන් බේරාගැනීම සඳහා ජනතාව හා මුදාගැනීමේ කණ්ඩායම් එකතුව දැඩි උත්සාහයක් ගන්නා බවද වාර්තා වෙයි.
ටැන්සානියානු රජය මෙම අනතුර තහවුරු කළද ඉන් සිදුව ඇති අනතුරේ ස්වභාවය හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
එරට තුළ වඩාත් ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මෙවැනි පාලම් පාරු සැලකුණත්, ඒවායෙහි ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් ඇත්තේ ඉතා අල්ප විශ්වාසයකි.