එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ මසක් තුළ සිදුවූ දෙවැනි වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මිඩ්ලන්ඩ් සහ ඔඩෙස්සා නගර අතරදී මෙම තුවක්කුකරු ගමන් කළ මෝටර් නැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරියා වෙත මුලින්ම වෙඩි තැබීම ඔහු, තමන්ට ඉදිරියේ හමුවූ වාහනවල ගමන්කළ පුද්ගලයන්ට මෙන්ම මගීන්ටද ඉවක් බවක් නොමැතිව වෙඩි තබා තිබේ.
ඔහු මෙම ප්‍රහරය දියත් කිරීමට තම මෝටර් රථය අත්හැර දමා තැපැල් වෑන් රථයක් සොරාගෙන වෙඩි තැබීමට පැමිණ ඇති බව පොලීසිය කියයි.
කෙසේ වෙතත්, අවසානයේදී සිනමා ශාලාවක් තුළට ඇතුළු වූ තුවක්කුකරු වෙඩි තබා ඝාතනය කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
ඔහු මෙම ප්‍රහාරය එල්ල කළ හේතුවක මෙතෙක් අනාවරණය නොවූවත්, ඔහු වයස අවුරුදු 30 ගණන්වල පසුවන සුදු ජාතිකයෙකු බව කියැවෙයි.
මීට සති හතරකට ඉහතදී ටෙක්සාසි හි එල් පාසෝ හිදි සිදූ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූමේ උණුසුම පහව යන්නටත් පෙර මෙම සිදුවීම වාර්තා වෙයි.